මෙවර ඔස්ට්‍රේලියා කාන්තා බිග්බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදි පරාජයක් වැඳගන්නට චමරි අතපත්තු නියෝජනය කළ සිඩ්නි තන්ඩර් කණ්ඩායමට අද සිදුවුණා.
ඒ හොබාර්ට් හරිකන්ස් කණ්ඩායම හමුවේ ලකුණු 31කින් පරාජය වීමත් සමගයි.
ඔස්ට්‍රේලියා කාන්තා බිග්බෑෂ් 20-20 තරගාවලියේ සිවුවැනි තරගය හොබාර්ට් හිදි පැවැත්වුණේ හොබාර්ට් හරිකන්ස් සහ සිඩ්නි තන්ඩර් කණ්ඩායම අතරයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හොබාර්ට් හරිකන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස් කිරීමට සමත්වුණා.
නිකොලෝ ක්රේ ලකුණු 52ක් රැස් කළ අතර පන්දුයැවීමේදී සැමන්තා බේට්ස් කඩුලු 3ක් සහ චමරි අතපත්තු කඩුලු දෙකක් දවා ගත්තා.
ලකුණු 148ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස චමරි අතපත්තු පළමු පන්දුවේදීම දැවී ගියා.
ලකුණු 38ක් තුළ කඩුලු 4ක් බිඳවැටීම, සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ පරාජයට දැඩි ලෙස බලපෑවා.
ඒ අනුව සිඩ්නි තන්ඩර් කණ්ඩායමට පන්දුවාර 18ක් අවසානයේ සියලු දෙනා දැවි රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 110ක් පමණයි.
නායිකා පෝබේ ලිට්ච්ෆීල්ඩ් ලකුණු 51ක් රැස් කළ අතර පන්දුයැවිමේදී හේදර් ග්‍රෑම් කඩුලු 3ක් දවා ගැනීමට සමත්වුණා.
