භාරත පුතුන්ට මව්බිමේදී තවත් අන්ත පරාජයක්

පළමු වරට ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත්වුණා.

ඒ පූනේහිදී පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 113කින් ජය ගනිමින්.

පළමු ඉනිම සඳහා නවසීලන්තය ලකුණු 259ක් රැස්කළ අතර ඉන්දියාව ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට රැස්කළේ ලකුණු 156ක් පමණයි.

නවසීලන්තය දෙවන ඉනිමට ලකුණු 255ක් රැස් කිරීමත් සමග ඉන්දියාවට ලකුණු 359ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වුණා.

එහෙත් ඔවුන්ට සිය දෙවැනි ඉනිමේදී රැස්ක කර ගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 245ක් පමණයි.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2ට බින්දුවක් ලෙස තරගාවලිය ජය ගැනීමට නවසීලන්තය සමත්වුණා.

ඉන්දීය කණ්ඩායම සිය මව්බිමේදී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්වුනේ 2012 වසරෙන් පසුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *