ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් තරගයට

ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන 20-20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද සමත්වුණා.

ඒ පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන A කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.

අද තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන A කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු9ක් දැවි ලකුණු 135ක් රැස් කිරීමට සමත්වුණා.

මෙම තරගයේදීත් සුපිරි පන්දුයැවීමක නිරත වූ දුෂාන් හේමන්ත කඩුලු 4ක් දවාගත් අතර නිපුන් රන්සික සහ එෂාන් මාලිංග අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ලකුණු 136ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් අවසන් තරගයේ සිය ස්ථානය වෙන්කර ගත්තා.

ලහිරු උදාර ලකුණු 42ක් රැස් කළ අතර ශ්‍රී ලංකා A කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 52ක් රැස් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *