ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ක්‍රිකට් වංචා රැසකට සම්බන්ධ බව කියන උපාලි ධර්මදාස යළි ක්‍රිකට් පාලක මණ්ඩලයට යළි රිංගා ගැනීමේ අරමුණින් සමගි ජනලබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට කටයුතු කළා.
ඒ චතුර අබේසිංහ නමැත්තා සමග එක්වයි.
කෙසේ වතත් සජිත්ගේ පරාජයත් සමග උපාලිගේ සියලු සැලසුම් කරනම් ගැසූ අතර ඒ අනුව ඔහු මේ වන විට ක්‍රිකට් බලය ඇල්ලීමට වෙනක් පාරක් කපමින් සිටියි.
එහි ආසන්නතම සිදුවීම නම් ඉකුත්දා පිටකෝට්ටේ අදිකාරම් මාවතේ පිහිටි සිය නිවසේදී ජාතික ජනබලවේගයේ සාමාජිකයින් සමග සාකච්ඡාවක් සිදු කිරීමයි.
එම පක්ෂයේ නිලධාරීන්ද ගොනාට ඇන්දූ උපාලි ධර්මදාස මෙම සාකච්ඡාව පාර්ටියක් බවට පරිවර්ථනය කර ඇත්තේ ජාතික ජනබලවේගය සිය සාක්කුවට දමා ගැනීමේ අරමුණින්.
ඉඩම් ආරවුලක් හේතුවෙන් ඩුබායි හිදි අත්අඩගුවටද ගැනුණු උපාලි ධර්මදාසගේ ක්‍රිකට් වංචා ගැන ජාතික ජනබලවේගයේ ඉහල නියෝජිතයින් නොදන්නවාම නොවේ.
කෑම සහ මිල අධික මත්පැන් සහ මුදල්වලින් ජාතික ජනබලවේගයේ නිලධාරීන් බිලිබාගෙන කෙසේ හෝ දැන් සාර්ථක ගමන් කරා යන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අකුල් හෙලීම මේ හරහා උපාලි ධර්මදාස කිරීමට බලාපොරොත්තු වන කූට සැලසුමකි.
රටේ බහුතරයක් ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරයාට සහාය දුන්නේ හොරු ඇල්ලිමට මිසක් හොරු රැකීමට නොවෙයි.
එම නිසා උපාලි ධර්මදාස වැනි ක්‍රිකට් වංචාකාරයින් යළි ක්‍රිකට් බලයට රැගෙන එන්නට ඔවුන් කටයුතු කරන්නේ නම්, එය ඉදිරි මැතිවරණයේදී ජාතික ජනබලවේගයටද මරු පහරක් වනු ඇති.
