උගන්ඩාවේ ඔලිම්පික් මැරතන් ධාවන ශූරියක වන රෙබෙකා චෙප්ටෙගෙයි ඝාතනය කර තිබෙනවා.
එරට ඔලිම්පික් කමිටුව තහවුරු කළේ ඇගේ සැමියා විසින් පෙට්‍රල් දමා ගිනිතබා මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
උගන්ඩාවෙ මැරතන් ධාවන ශූරියක වූ රෙබෙකා චෙප්ටෙගෙයි මෙවර පැරිස් ඔලිම්පික් උලෙලේදී කාන්තා මැරතන් ධාවන ඉසව්වට එක් වූ අතර ඇයට එහිදී හිමිවුණේ 44 වැනි ස්ථානයයි.
ඇගේ සැමියා විසින් ඇයව පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කර ඇති බවයි උගන්ඩා ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ඉකුත්දා තහවුරු කර තිබුණේ.
දරුණු පිළිස්සුම් තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමට පියවර ගත් අතර ඇගේ සිරුරෙන් සියයට 75කට වැඩි ප්‍රමාණයක් පිළිස්සී ඇති බව රෝහල් බලධාරීන් ප්‍රකාශ තිබෙනවා.
33 හැවිරිදි ඇය දැඩි සත්කාර එකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
2021 වසරෙන් පසුව උගණ්ඩාවේදී ඝාතනයට ලක්වූ තුන්වැනි ක්‍රීඩකාව වන්නේ රෙබෙකා චෙප්ටෙගෙයි.
2021 වසරේ ඔක්තෝබමර් මාසයේදි කෙන්යානු දිගු ධුර ධාවන ශූරියක මෙන්ම 2017 සහ 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගවලියේදී මීටර් 10,000 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ ඇගනස් ටිරොප්, රිෆ්ට් නිම්නයේ ඉටෙන් නගරයේ ඇගේ නිවසේ දී පිහියකින් ඇන ඝාතනය කර තිබුණා.
එමෙන්ම 2022 වසරේ අපේ්‍ර්ල් මාසයේදී බහරේන් දිගු ධුර ධාවන ශූරියක වන දාමාරිස් මූතේගේ සිරුර ඝාතනය කර තිබියදී සොයා ගැනුනා.
