ශ්‍රී ලංකා A කණ්ඩායමට දකුණු අප්‍රිකාවේදී එක්දින තරගාවලි ජයක්

දකුණු අප්‍රිකා A කණ්ඩායම සමග පැවැති තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජය ගැනීමට සංචාරක A කණ්ඩායම ඉකුත්දා සමත්වුණා.

ඒ දෙරට පැවති දෙවන එක්දින තරගය ලකුණු 31කින් ජය ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 7ක් දැවී ලකුණු 270ක් රැස් කිරීමට සමත්වුණා.

ලහිරු උදාර ලකුණු 86ක් රැස් කළ අතර සහන් ආරච්චිගේ ලකුණු 52ක් රැස් කළා.

චමිඳු වික්‍රමසිංහ ලකුණු 48ක් සහ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 37ක් රැස් කර ගත්තා.

ලකුණු 271ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා A කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 156ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වුණා.

කෙසේ වෙතත් දුෂාන් හේමන්තගේ සුපිරි පන්දුයැවීම හමුවේ දකුණු අප්‍රිකා A කණ්ඩායමේ ඉතිරි කඩුලු බිඳ වැටුණා.

සුපිරි පන්දුයැවීමක නිරත වූ දුෂාන් හේමන්ත ලකුණු 48කට කඩුලු 5ක් දවා ගත් අතර වනිජ සහන් ලකුණු 52ට කඩුලු 2යි.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *