LORD’S පිටියේදී විශිෂ්ටයින් අතරට එක්වූ මහේල

ලෝර්ඩ්ස් කී‍්‍රඩාංගණයේ ටෙස්ට් තරගයක දිනයක් ආරම්භ වීමට ප‍්‍රථම නාද කරන සීනුව, නාද කිරීමේ විරල අවස්ථාව ශී‍්‍ර ලංකා හිටපු නායක මහේල ජයවර්ධනට ඊයේ හිමි වුණා.

ඒ ඊයේ ආරම්භ වූ එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේදීයි.

ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණය සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙසයි.

ලෝර්ඩ්ස් කී‍්‍රඩාංගණයේ ටෙස්ට් තරගයක දිනයක් ආරම්භ වීමට ප‍්‍රථම එහි ස්ථාපිත කර ඇති සීනුව නාද කරන අතර මෙය කලක සිට සාම්ප්‍රදායිකව සිදු කරන කටයුත්තක්.

ඒ් සඳහා අවස්ථා ආරාධනා හිමිවන්නේ ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ අයෙකු ඒසේ නොමැති නම් විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු හෝ සුප්‍රසිද්ධ පරිපාලකයෙකු වැනි ගෞරවනීය පුද්ලයෙකු හටයි.

මෙම විරල අවස්ථාව ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූරයින් දෙපළක් වන උසේන් බෝල්ට්ට සහ යොහාන් බ්ලේක්ටද මීට පෙර හිමි ව තිබුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකු ලෝර්ඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව උදාකර ගත් අතර මෙම විරල අවස්ථාව ඊයේ දිනයේදී උදා වුණේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනටයි.

2011 වසරේදී සිදත් වෙත්තමුනි, අර්ජුන රණතුංග සහ කුෂිල් ගුණසේකර ලෝර්ඩ්ස් පිටියේ සිනුව නාද කිරීමේ අවස්ථාව හිමිකර ගත් අතර 2014 ව සරේදී සනත් ජයසූරිය, මාවන් අතපත්තු සහ චමින්ද වාස් එය හිමිකර ගත්තා.

කුමාර් සංගක්කාර 2016 වසරේදි මෙම සුවීශේෂී අවස්ථාව උදා කර ගත් අතර ඉන් වසර 8කට පසු ඒනම් ඊයේ දිනයේදි මහේල ජයවර්ධනට මෙම අවස්ථාව උදා වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *