දකුණු අප්‍රිකා තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.
මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එක්දින තරග 3කට සහ සිව්දින තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් මස 18 වැනිදා දක්වා දකුණ අප්‍රිකාවේදී එක්දින තරග 3කට සහ සිවුදින තරග 2කට සහභාගි වීමට නියමිතව තිබෙනවා.
අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 04 වැනිදා දක්වා එක්දින තරගාවලියත් සැප්තැම්බර් 08 වැනිදා සිට 18 වැනිදා දක්වා සිව්දින තරගාවලියත් පැවැත්වෙනු ඇති.
දකුණු අප්‍රිකා තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පෙර සමූහ ඡායාරූපයකට පෙනී සිටියා.
එක්දින සහ සිවුදින තරගාවලියේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ පසිඳු සූරිය බණ්ඩාරටයි.
ලහිරු උදාර, පවන් රත්නායක, සොනාල් දිනූෂ, නුවනිඳු ප්‍රනාන්දු, චාමික ගුණසේකර, මොහොමඩ් ශිරාස්, වනුජ සහන්, දිනුර කළුපහන, එෂාන් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් රැසක් මෙම සංචිත දෙකටම ඇතුළත්ව සිටිනවා.
සහන් ආරච්චිගේ, චමිඳු වික්‍රමසිංහ ශ්‍රී ලංකා ඒ එක්දින සංචිතයට ඇතුළත් අතර ඕෂධ ප්‍රනාන්දු, ජනිත් ලියනගේ සිවුදින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිනවා.
