ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්මන් ලේකම් ජේ ෂා නිතරගයෙන් තේරී පත් වී තිබෙනවා.
2024 වසරේ දෙසැම්බර් මස පළමුවැනිදා සිට ඔහු ඒම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා නිතරගයෙන් තේරී පත් වුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වත්මත් සභාපති නවසීලන්තයේ ක්‍රෙග් බාර්ක්ලේ ගේ ධුරය කාලය ලබන නොවැම්බර් මාසයෙන් අවසන් විමට නියමිතයි.
ඔහු තෙවන වරටත් අදාළ ධුරය දැරීමට සූදානම් නොමැති බව ඉකුත්දා 20 වැනිදා නි වේදනය කර තිබුණා.
ඒ අනුව මෙවර සභාපති ධුරය සඳහා ඒක් නාමයෝජනාවක් පමණක් ලැබී තිබූ බැවින් ජේ ෂා නිතරගයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත් වුණා.
ජේ ෂා සැලකෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙසටයි.
35 හැවිරිදි ඔහු දෙසැම්බර් 01 වනදා සිට අදාළ ධුරයේ කටයුතු කිරීමට නියමිතය.
ජේ ෂා ගේ මෙම පත්වීමත් සමග මේ දක්වා ICC සභාපති ධුරයට පුද්ගලයන් 4 දෙනෙකු පත්වී ඇති අතර ඉන් තිදෙනෙක්ම ඉන්දියානුවන් වීම විශේෂත්වයක්
