වසර 6කට පසු පැතුම් තැබූ වාර්තාව

LUCKNOW, INDIA - OCTOBER 16: Pathum Nissanka of Sri Lanka celebrates their half century with team mate Kusal Perera during the ICC Men's Cricket World Cup India 2023 between Australia and Sri Lanka at BRSABVE Cricket Stadium on October 16, 2023 in Lucknow, India. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

වසර 6කට පසු වර්ෂයක් තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකළ පළමු පිතිකරුවා බවට පත්වීමට පැතුම් නිස්සංක අද සමත්වුණා.

ඒ මෙවර ලෝක කුසලානයේ එංගලන්තය සමග පැවති තරගයේදී නොදැවී රැස්කරගත් ලකුණු 77ත් සමගයි.

අවසන් වරට වර්ෂයක් තුළ එක්දින ලකුණු 1000 සීමාව පසුකළ ශ්‍රී ලංකා පිතිකරුවා වූයේ උපුල් තරංගයි.

උපුල් තරංග එම දස්කම දැක්වූයේ 2017 වසරේදීයි.

එමෙන්ම 2023 වසරේ වැඩිම එක්දින ලකුණුලාභීන් අතර දෙවන ස්ථානයට පත්වීමටද පැතුම් නිස්සංකට හැකිවුණා.

එම ලැයිස්තුවේ පෙරමුණේ පසුවන්නේ ඉන්දීය පිතිකරු ෂුබ්මන් ගිල්.

මේ අතර එක්දින ලෝක කුසලානයකදී අඛණ්ඩව වැඩිම අර්ධ ශතක රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයාගේ වාර්තාව සම කිරීමටද පැතුම් නිස්සංක අද සමත්වුණා.

පැතුම් මෙවර ලෝක කුසලානයේදී මේ දක්වා අඛණ්ඩව අර්ධ ශතක් 4ක් රැස්කරගෙන සිටින අතර 2015 එක්දින ලෝක කුසලානයේදී සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරද අඛණ්ඩව අර්ධ ශතක 4ක් රැස්කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *