ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ තවත් සුවිශේෂි දිනයක් සනිටුහන් කරමින් පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි මීටර 400 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අරුණ දර්ශන ඊයේ සමත් වුණා.
එමෙන්ම අරුණ දර්ශන පිරිමි මීටර 400 ඉසව්ව තත්පර 45ට අඩුවෙන් නිමකළ දෙවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක්වුණා.
මෙවර පැරිස් ඔලිම්පික් උලළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුව වූ අරුණ දර්ශන ඊයේ රාත්‍රි යේ පිරිමි මීටර 400 ඉසව්වේ පස්වන මුලික තරගයට සහභාගී වුණා.
ග්‍රෙනේඩා රාජ්‍යෙය් කිරානි ජේම්ස්, කැනඩාවේ ක්‍රිස්ටෝපර් මොරාලෙස් ඇතුළු සුපිරි ක්‍රීඩකයන් සමග අරුණ දර්ශන මූලික තරගයේදී ධාවනයේ යෙදුනේ 9 වැනි මංතීරුවේයි.
ඉසව්ව ආරම්භයේ එතරම් වේගයෙන් ධාවනයේ නොයෙදුනු අරුණ තරගයට අවතීර්ණ වන්නේ අවසන් මීටර 120දීයි.
එතෙක් 7වැනි ස්ථානයේ රැඳී සිටි අරුණ දර්ශන සුපිරි ධාවනයක යෙදෙමින් ඉසව්ව නිමකළේ තුන්වැන්නා ලෙසයි.
අරුණ ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 44යි දශම 9යි 9ක්.
හිටපු ශ්‍රී ලංකා සුපිරි මලල ක්‍රීඩක සුගත් තිලකරත්නට පසු මීටර 400 ඉසව්ව තත්පර 45ට අඩුවෙන් නිමකළ පළමු ක්‍රීඩකයා වන්නේ අරුණ දර්ශනයි.
මූලික වටයේ තුන්වන ස්ථානය හිමිකරගත් අරුණ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර ඔහු පිරිමි මීටර 400 ඉසව්වේ මූලික වටයට සහභාගි වූ ක්‍රිඩකයින් 46 දෙනා අතරින් 17වැනි තැනට පත්වීම කැපී පෙණුනා.
මේ අතර එම සුවිශේෂි ජයග්‍රහණයෙන් පසු අරුණ දර්ශන හමුවූ පුහුණුකරු අසංක රාජකරුණා සංවේදී වූයේ මේ ආකාරයෙන්.
අරුණ දර්ශන සහභාගි වන පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව තරගය හෙට පැවැත්වීමට නියමිතයි.
