තරුෂිට 7 වැනි තැන – අරුණ හෙට තරග බිමේ

PARIS, FRANCE - AUGUST 03: Tharushi Karunarathna of Team Sri Lanka reacts during the Women's 800m Repechage Round on day eight of the Olympic Games Paris 2024 at Stade de France on August 03, 2024 in Paris, France. (Photo by Hannah Peters/Getty Images)

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ තරගයකට එක්වූ තරුෂි කරුණාරත්නට එම ඉසව්වේ 8වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා.

කෙසේ වෙතත් තරුෂිට අවසන් පූර්ව වටයට පිවිසීම අද පැවති රෙපචාජ් වටයේදි තවත් අවස්ථාවක් හිමි වූ අතර ඇය එම වටයේදී 7 වැනි ස්ථානය හිමිකර ගත්තා.

19 හැවිරිදි තරුෂි කරුණාරත්න පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර් 800 ඉසව්වේ මූලික වටයේ 6වන තරගය සඳහා ඊයේ මධ්‍යම රාත්‍රිෙය්  සහභාගි වුණා.

එම තරගය අවසන් කිරීමට තරුෂි ගත කළ කාලය විනාඩි 02යි තත්පර 7යි දශම 7 යි 6ක්.

ඒ අනුව ඇයට එම වටයේ 8වන ස්ථානය හිමිවූ අතර සෘජුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට තිබු අවස්ථාව අහිමිව ගියා.

නමුත් අවසන් පූර්ව වටයට පිවිසීමට තරුෂිට තවත් අවස්ථාවක් හිමිවුණා.

ඒ පැරිස් ඔලිම්පික් උලෙළට අලුතින් හඳුන්වාදුන් රෙපචාජ් වටය යටතේයි.

ඒ අනුව තරුෂි එක් වූ එම වටයේ සිවුවන තරගය අද පස්වරුවේ පැවති අතර එහිදි තරුෂිට හිමි වුණේ 7 ස්ථානයයි.

විනාඩි 2යි තත්පර 6යි දශම 6යි 6ක දක්ෂතාවක් වාර්තා කළ තරුෂිට අවසන් පූර්ව වටයට පිවිසීමට එම දක්ෂතාව ප්‍රමාණවත් නොවුනත් අත්දැකීම් බහුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග ධාවනයේ යෙදීමෙන් ඇය ලක්මවට ගෙන දුන්නේ විශාල අභිමානයක්.

අරුණ දර්ශන සහභාගි වන මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය හෙට රාත්‍රි 10.35ට ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *