පාපන්දු ශූර­තා­ව­ලිය 20 දා සිට

කොළඹ පාපන්දු ලීගයේ සහ සිටි පාපන්දු ලීගයේ ඉදි­රි­යෙන්ම සිටින කණ්ඩා­යම් 8ක සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වෙන කොළඹ – සිටි අභි­යෝ­ගතා පාපන්දු ශූර­තා­ව­ලිය මේ මස 20 දා සිට අගොස්තු 10 දක්වා කොළඹ සිටි­ලීග් පිටි­යේදී පැවැත්වෙනවා.

සෑම සති අන්ත­ය­කම පැවැ­ත්වෙන මේ තර­ගා­ව­ලි­යට කොළඹ පාපන්දු ලීගයේ ප්‍රමු­ඛ­තම කණ්ඩා­යම් වන චැලෙ­න්ජර්ස්, රත්නම්, නිව් ස්ටාර් හා ඕල්ඩ් බෙන්ස් යන කණ්ඩා­යම් එක්ව සිටින අතර සිටි ලීගයේ සෝන්ඩර්ස්, ජාවා ලේන්, රින­වුන් හා මාලි­ගා­වත්ත යූත් යන කණ්ඩා­යම් සහ­භාගි වනවා.

මේ 20 දා පස්වරු 2.30ට චැලෙ­න්ජර්ස් – රත්නම් තර­ගය පැවැ­ත්වෙන අතර එදින පස්වරු 4.30ට මාලි­ගා­වත්ත යූත් හා රින­වුන් පිටි­යට පිවි­සෙති. 21 වැනිදා පස්වරු 2. 30ට ජාවා ලේන් හා සෝන්ඩර්ස් අතර තර­ග­යත්, එදි­නම පස්වරු 4.30ට නිව් ස්ටාර් – ඕල්ඩ් බෙන්ස් අතර තර­ගය පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබෙනවා.

මේ කණ්ඩා­යම් 8ට ශ්‍රී ලංකා පාපන්දු සංචි­තයේ ක්‍රීඩ­ක­යන් 17ක් බෙදී ක්‍රීඩා කිරී­මට ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නයේ සභා­පති ජස්වර් උමර් මහතා අනු­මැ­තිය ලබාදී ඇති අතර, මේ හේතු­වෙන් තර­ගා­ව­ලිය වඩාත් උණු­සුම් මුහු­ණු­ව­රක් ගෙන තිබෙනවා.

තර­ගා­ව­ලියේ ශූර­යන්ට රුපි­යල් මිලි­ය­න­යක් සහ අනු­ශූ­ර­යන්ට රුපි­යල් ලක්ෂ 5ක මුදල් ත්‍යාග­යක් පිරි­නැ­මී­මට තර­ගා­ව­ලියේ ප්‍රධාන අනු­ග්‍රා­හක එක්ස්පෝ ප්‍රොපටි ඩිව­ලො­පස් පුද්ග­ලික සමා­ගම කට­යුතු යොදා ඇත. එමෙන්ම තර­ගා­ව­ලි­යට සහ­භාගි වන සිය­ලුම කණ්ඩා­ය­ම්ව­ලට රුපි­යල් ලක්ෂ 2.5 බැගින් පිරි­නැ­මෙන අතර, සියලු ක්‍රීඩ­ක­යන්ට ජර්සි කට්ටල හා පාපන්දු තුනක් පිරි­නැ­මී­මට කට­යුතු කොට ඇතැයි තරග සංවි­ධා­යක කමිටු සභා­පති මනි­ව­න්නන් මහතා පැවසුවා.

ඒ මහතා මේ බව පැව­සුවේ පෙරේදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නයේ පැවති මාධ්‍ය හමු­ව­ක­දීයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නයේ සභා­පති ජස්වර් උමර් මහතා මේ අව­ස්ථා­වට එක්වූ අතර, රට­පුරා පාපන්දු ලීග සක්‍රිය කර­මින් දේශීය පාපන්දු තරග නැවත ආරම්භ කිරී­මට සම්පූර්ණ සහ­යෝ­ගය ලබා­දෙන බව සඳ­හන් කළා.

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව නිවැ­රැදි මාව­ත­කට ගමන් කර­මින් සිටින බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නය ඉදි­රි­යේදී දේශීය පාපන්දු තර­ගා­වලි ආරම්භ කරන බවත් හෙතෙම පැව­සීය.

“සියලු දෙනා දන්නවා අපේ පාප­න්දුව තහ­න­මට ලක් වුණා කියලා. එදා සිට අපට ලැබිය යුතු මුදල් ලැබුණේ නෑ. නමුත් අපේ නව නිල­ධාරී කණ්ඩා­යමේ දක්ෂ­තාව නිසා පාපන්දු විය­දම් නිසි ලෙස විග­ණ­නය කොට ජාත්‍ය­න්තර පාපන්දු සම්මේ­ල­න­යට ලබාදී තිබෙ­නවා. ඉදි­රි­යේදී සියලු මුදල් ලැබෙ­නවා. එතැන් සිට අඛ­ණ්ඩව පාපන්දු තර­ගා­වලි පැවැ­ත්වෙන බවට මා සහ­ති­ක­යක් දෙනවා. දේශීය තරග ප්‍රමා­ද­යන් පිළි­බඳ බොරු කතා ගොඩ­නඟා මඩ ගැසී­මට කිසි­යම් පිරි­සක් උත්සාහ කර­නවා. නමුත් අපි ඉන්නේ රටේ පාපන්දු ගොඩ­නැ­ඟී­ම­ටයි. ඔය බොරු කතා කියන අය ඉති­හා­සයේ පාප­න්දු­වට සේවය කරලා තිබුණා නම් අද පාප­න්දුව කොත­රම් දියුණු තත්ත්ව­යක තියෙ­න­වාද” ජස්වර් උමර් මහතා පැව­සීය.

මේ වසරේ සැප්තැ­ම්බර් තෙවැනි සතියේ සිට ප්‍රමු­ඛ­තම දේශීය පාපන්දු තර­ගා­වලි ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේ­ල­නයේ සභා­ප­ති­ව­රයා සඳ­හන් කළේය. කොළඹ පාපන්දු ලීගයේ ලේකම් සහ­රාන් සිංහ­වංශ මහතා හා සිටි පාපන්දු ලීගයේ සභා­පති එම්. සබීර් මහතා ඇතුළු පිරි­සක් මේ මාධ්‍ය හමු­වට එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *