ICC රැස්වීම කඩාකප්පල් කිරීමට පෝස්ටර් ඇලවු පිරිස අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභාරැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණින් කොළඹ ස්ථාන කිහිපයක පොස්ටර් ඇලවීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

ඔවුන් ඇලවීමට රැගෙන ආ පෝස්ටර් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ

කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග විරසක පිරිසක් මෙම කොන්ත්‍රාත්තුව ලබාදි ඇති බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන්ට මෙලෙස පෝස්ටර් ඇලවීම සඳහා එම පිරිස කුලී මුදලක් ලබාදී ඇති බවද අනාවරණ වී ඇති බව වාර්තා වනවා.

රටවල් රැසක ක්‍රිකට් නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අවස්ථාවක රටේ කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් සිදු කළ මෙම ම්ලේච්ච ක්‍රියාව පිටුපස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් සමග විරසක මාධ්‍ය ආයතනයක හිමිකරුවෙකුද සිටින බව අනාවරණ වී ඇති බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගේ ජංගම දුරකතනද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මේ පිළිබඳ තවත් තොරතුරු අනාවරණ වනු ඇති බවයි වාර්තා වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *