ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය අද දඹුල්ලේදී ආරම්භ වනවා.
ඒ අනුව අද දිනයේදී තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹිමට ක්‍රීඩාලෝලින්ට අවස්ථාව සලසා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
2004 වසරේදී ආරම්භ වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය 2008 වසර දක්වා එක්දින තරගාවලියක් ලෙස පවත්වා ඇති අතර එය 2012 වසරේ සිට සංවිධාන කෙරෙන්නේ 20-20 තරගාවලියක් ලෙසසයි.
ඒ අනුව කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවත්වෙනවා.
අද සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදිනවා.
බී කාණ්ඩයෙන් තරග වදින්නේ සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තයයි.
තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේදී තරග දෙකක් පැවැත්වෙන අතර ඒ අනුව ඒ කාණ්ඩය යටතේ නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානයත් තරග වැදීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරගය හෙට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට එක්වන කණ්ඩායම් අටේ නායිකාවන් දඹුල්ල ක්‍රීඩාංගණයේදී කුසලානය සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙලෙසින්.



