2025 ශූරයින්ගේ කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ?

2025 වසරේදී පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී හෝ ඩුබායි හීදි පවත්වන ලෙස ඉන්දියාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ පාකිස්තානයට තම ක්‍රීඩකයන් යැවීමට එරට ක්‍රිකට් ආයතනය දැඩි අකමැත්ත දැක්වීම නිසයි.

2025 ශුරයන්ගේ කුසලාන තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පාකිස්තානයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියොජ්‍ය සභාපති රජිව් ශුක්ලා උපුටා දක්වමින් ANI ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ දෙරට අතර පවතින උණුසුම් දේශපාලනික වතාවරණය හේතුවෙන් පාකිස්තානය වෙත ඉන්දීය කණ්ඩායම යැවීමට අදහස් නොකරන බවයි.

2008 වසරේ ආසියානු කුසලාන තරගාවලියෙන්පසු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානය තුළ කිසිඳු ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී නැහැ.

2025 වසරේ පැවත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගීවන තරග සියල්ල පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය යොජනා කළත් ඊට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය කැමැත්ත පළ කර නැහැ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියොජ්‍ය සභාපති රජිව් ශුක්ලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇත්තේ ඉන්දීය මධ්‍යම රජයේ අවසරයකින් තොරව තම ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට නොයවන බැවින්
ඉන්දීයාව සහභාගීවන තරග සියල්ල ශ්‍රී ලංකාවේදී හෝ ඩුබායි හිදී පැවැත්වීමේ හයිබ්‍රිඩ් ක්‍රමයට පවත්වන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *