ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරු සනත් ජයසූරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තාවකාලිකව පත් කර තිබෙනවා.

ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු නිමා වුණා.

ඒ අනුව ඉන්දීය සහ එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි දෙකේදී සනත් ජයසූරිය ශ්‍රී ලංකා පිලේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.

සනත් ජයසූරිය නිමා වූ 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ පුහුණු උපදේශක වශයෛන් කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *