ICC ජුනි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු 18 හැවිරිදි විශ්මි ගුණරත්න නිර්දේශ වී තිබෙනවා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලියේදී පිත්තෙන් දැක් වූ දක්ෂතා හේතුවෙන්.
විශ්මිට අමතරව ජුනි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව සඳහා ඉන්දියාවේ ස්මිත්‍රි මන්දනා සහ එංගලන්තයේ මයියා බවුචර් ද නිර්දේශ වී තිබෙනවා.
