20-20 ලෝක ශූර ඉන්දියාව මවුබිමට – උණුසුම් පිළිගැනීමක්

වසර 17කට පසු 20 -20 ලෝක කුසලානය දිනාගත් රෝහිත් ශර්මා ප්‍රමුඛ ලෝක ශූර ඉන්දීය කණ්ඩායම අද උදෑසන නවදිල්ලි වෙත පැමිණියා.

එහිදි ඔවුන්ට ඉන්දීය ක්‍රීඩාලෝලින්ගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

නමුත් කැරිබියානු කලාපයට බලපා තිබු සුළි කුණාටු සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අත්හිටුවා තිබීම නිසා ලෝක ශූර ඉන්දීය කණ්ඩායම සිය රටට පැමිණීමට නොහැකිව දින 3ක් පමණ බාබර්ඩෝස්හී රැඳී සිටියා.

ඉන්පසු එයාර් ඉන්දියා විශේෂ ගුවන් යානයක් ඊයේ දිනයේදී බාබර්ඩෝස්වෙත ළඟාවූ අතර එම ගුවන් යානයෙන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායම අද උදෑසන 6ට පමණ දිල්ලිහි ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළට පැමිණියේ මේ ආකාරයෙන්.

කෙසේවෙතත් ගුවන් ගමන් ප්‍රමාද වීම නිසා ශිවම් ඩුබේ,සංජු සැම්සන් ඇුතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මීලඟට පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ තරගාවලියට සහභාගි වීම සඳහා කොදෙව් දූපත් සිට සිම්බාබ්වේ බලා පිටත්වූ අතර ලෝක ශූර කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් මෙලෙස අද ඉන්දියාවට පැමිණියා.

සිය ලෝක ශූරයින් පිළිගැනීමට ඉන්දීය ක්‍රීඩාලෝලීන් රැසක් නවදිල්ලි නුවරට එක් වුණා.

ඉන්දීය කණ්ඩායම අනතුරුව නවදිල්ලි අගනුවර පිහිටි හෝටලයක් වෙත පැමිණි අතර ඔවුන් වෙනුවෙන් එම හෝටලෙයේ විශේෂ පිළිගැනීමක් සූදානම් කර තිබුණා.

ඉන්පසු උදෑසන 11ට රෝහිත් ශර්මා ප්‍රමුඛ ලෝක ශූර ඉන්දීය කණ්ඩායම ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවුණේ නවදිල්ලිහීදියි.

අගමැති හමුවීමෙන් පසු ලෝක ශූර ඉන්දීය කණ්ඩායම මුම්බායි නුවර බලා පිටත්ව ගිය අතර එහිදී විශේෂ විශේෂ රථ පෙළපාලියකින් ඔවුන්ව මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී ලෝක ශූර ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් විශේෂ සැමරුමක් පැවැත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *