ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි.
තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇති අතර දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.
මෙවර පැරිස් ඔලිම්පික් කාන්තා මීටර 800 ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා අතර ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල 45වැනි ස්ථානයේ පසුවන තරුෂිට ඒ සඳහා අවස්ථාව හිමිවුණි.
එමෙන්ම දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙහි ශ්‍රේණිගත කිරීම්වල 26වැනි ස්ථානයේ පසු වේ.
එම ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබාගන්නේ ක්‍රීඩිකාවන් තිස් දෙදෙනෙකු පමණි.


