මහේල ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘උපදේශක පුහුණුකරු’ ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීම භාර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මහේල ජයවර්ධන, ඔහුගේ ධූර කාලය තුළ ජාතික කණ්ඩායම් පරිසර පද්ධතියේ සහ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ව්‍යුහයේ සැළකිවයුතු වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට උපකාරී වූ බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහේලගේ ඉදිරි වැඩකටයුතුවලට සුබ පතන්නටත්, ඔහුගේ සේවා කාලය තුළ ඔහු කළ සේවයට ස්තූති කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නා බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *