ඩක්වර්ත් ලුවින් න්‍යායේ අවසන් හිමිකරුත් මියයයි

ක්‍රිකට් පිටියට ඩක්වත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් නිර්මාණකරුවන්ගෙන් අවසන් හිමිකරු වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ආභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 84 වියේ පසුවුණා.

වර්ෂාවෙන් බාධා එල්ල වන තරග සඳහා ප්‍රතිඵලයක් ලබාදීමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය හඳුන්වා දුන්නේ ෆ්‍රෑන්ක් ඩක්වත් සහ ටෝනි ලුවිස්.

ටෝනි ලුවිස් 2020 වර්ෂයේදී අභාවප්‍රාත් වූ අතර ඩක්වත් ලුවිස් න්‍යාය හඳුන්වා දුන් නිර්මාණකරුවන්ගෙන් අවසන් හිමිකරු වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ආභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා.

ඉංග්‍රීසි සංඛ්‍යා ලේඛනඥයින් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද මුල් ක්‍රමය 1997 දී ප්‍රථම වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතා කරන ලද අතර පසුව එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) විධිමත් ලෙස සකස් කර සම්මත කරගනු ලැබුවා.

ඩක්වර්ත් සහ ලුවිස් යන දෙදෙනාටම 2010 වසරේදී MBE (Member of the Order of the British Empire) ප්‍රදානයක් ද සිදු කළා.

ඔවුන් දෙපළ සකස් කළ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය හේතුවෙන් වර්ෂාවෙන් බාධා එල්ලවන සීමිත පන්දුවාර තරග රැසකට තීරණයක් ගෙන දීමට හැකි වී තිබෙනවා.

ඒ අනුව ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිහඩ වීරයන් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *