ඇෆ්ගනිස්ථානයෙන් ඉතිහාසගත පිම්මක් – පළමුවරට ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ බංග්ලාදේශය පරාජය කළ ඇෆ්ගනිස්තානය ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට සුදුසුකම් ලබාගත්තා.

ඒ අනුව මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් හතර වන්නේ දකුණු අප්‍රිකාව, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ එංගලන්තයයි.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ අවසන් තරගය අද ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වුණේ ශාන්ත වින්සන්ට් හිදීයි.

දෙපිලටම තීරණාත්මක වු තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 115ක් පමණයි.

බංග්ලාදේශ කණ්ඩායමට අවසන් පූර්ව තරග වටයට පිවිසීමට නම් ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ලකුණු 116ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 12යි එක් පන්දුවකින් සපුරාගත යුතුව තිබූ අතර ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට පිවිසීමට කෙසේ හෝ තරගය ජයගැනීම ප්‍රමාණවත්ව තිබුණා.

බංග්ලාදේශ ඉනිම අතරතුර තරගයට විටින්විට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 19ක් තුළ බංග්ලාදේශයට හිමිවූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 114ක්.

12වැනි පන්දුවාරය වනවිට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරගයේ ඉදිරියෙන් පසු වූ අතර ඒ අවස්ථාවේ නැවතත් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇදහැලුණා.

ඒ් වනවිට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඇෆ්ගනිස්තානය තරගයේ ඉදිරියෙන් සිටීම නිසා තරගය පමා කරන ලෙස ඇෆ්ගනිස්තාන ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින්ට සංඥා කළේ මෙලෙසින්.

එම සංඥාවත් සමග ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි ගුල්බදීන් නයීබ් එක්වරම ක්‍රීඩාංගණයේ ඇදවැටුණා.

නැට් (නයිබ් වැටෙනවා.ලිටන් දාස් නෝන්ඩියට හිනාවෙනවා)

කෙසේ වෙතත් තියුණු සටනකින් පසු ඇෆ්ගනිස්තාන් පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ බංග්ලාදේශ ඉනිම ලකුණු 105කට සීමා වුණා.

එම ජයත් සමග ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක අවසන් පූර්ව වටයකට සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින්ට හැකිවූයේ ඔවුන්ගේ කැපවීමට නිසි අගයක් හිමිකර ගනිමින්.

තරගය ජයගැනීමෙන් අනතුරුව ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින්ද සංවේදී වූ ආකාරයයි මේ.

ජයග්‍රහණයෙන් අනතුරුව ඇෆ්ගන් ක්‍රීඩකයින් ක්‍රීඩාංගණයේදී සතුට සැමරුවේ මෙලෙසින්.

සිය රටේදී පුහුණුවීම් සිදුකිරීමට පවා පසුබිමක් නොමැති ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් සිය කැපවීම සහ කණ්ඩායම් ඟහැීමෙන් ක්‍රීඩාකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලැබූ මෙම ජයග්‍රහණය බොහෝ ක්‍රීඩා විචාරකයින්ගේද පැසසුමට ලක්වුණා.

කට් – රෂීඩ් ( මේක හීනයක් වගේ.අපිට ලෝක කුසලානය දිනන්න පුළුවන් කියල විශ්වාසය ආවේ නවසීලන්තය පරාජය කළාට පස්සේ. අපි වගේම රටේ ජනතාවත් සතුටු වෙනවා ලැබූ ජයග්‍රහණය ගැන.අපි අවසන් පූර්ව තරගයට එයි කියලා කියපු එකම කෙනා බ්‍රයන් ලාරා. තරගෙට කලින් අපි එයාට කිව්වා අපි ඔයාගේ ප්‍රකාශය පහතට දාන්නෙ නෑ කියලා. අපි ඒක කළා.)

ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින් ලැබූ  ඓතිහාසික ජයග්‍රහණය ඇෆ්ගනිස්තාන වැසියන් එරටදී සැමරුවේ මෙලෙසින්.


ඒ අනුව සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව තරග වටයට පිවිසෙද්දී දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ ඉන්දියාව සහ එංගලන්තයයි.

ජුනි 27 වැනිදා තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය අතරත් දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ එංගලන්තය අතරත් පැවැත්වෙන අතර අවසන් මහා තරගය ජුනි මස 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *