මෙවර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද නිවේදනය කළා.
මෙවර තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදීයි.
2004 වසරේදී ආරම්භ වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය 2008 වසර දක්වා එක්දින තරගාවලියක් ලෙස පවත්වා ඇති අතර එය 2012 වසරේ සිට සංවිධාන කෙරෙන්නේ 20-20 තරගාවලියක් ලෙසසයි.
ඒ අනුව කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවත්වෙනවා.
ජුලි 19 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වදිනවා.
බී කාණ්ඩයෙන් තරග වදින්නේ සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තයයි.
ජුලි 19 වැනිදා ආරම්භ වන තරගාවලියේ පළමු දිනයේදී තරග දෙකක් පැවැත්වෙන අතර ඒ අනුව ඒ කාණ්ඩය යටතේ නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානයත් තරග වැදීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරගය ජුලි 20 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
අවසන් පූර්ව තරග ජුලි 26 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය ජුලි 28 වැනිදා පැවැත්වෙනු ඇති.
මේ දක්වා ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි 8ක් පවත්වා ඇති අතර ඉන් අවස්ථා 7කදී ඉන්දියාව ශූරතව දිනිද්දී බංග්ලාදේශය 2018 වසරේදී ආසියානු කාන්තා ක්‍රිකට් ශූරියන් බවට පත්වුණා.

