පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ පළමු ඛාන්ඩය යටතේ බංග්ලාදේශය සමග අද පැවති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 28කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.
මෙම තරගයේදී පැට්කමින්ස් කඩුල් ත්‍රිත්වයක් වාර්තා කිරීම විශේෂත්වයක්.
ඇන්ටිගුවාහී සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවි රැස්කළ ලකුණු සංඛයාව 140ක්.
18 වැනි පන්දුවාරයේ අවසන් පන්දු දෙකදෙී කඩුලු දෙකක් සහ අවසන් පන්දුවාරයේදී පළමු පන්දුවේදී කඩුල්ලක් දවා ගනිමින් පැට් කමින්ස් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත්වුණා.
පැට් කමින්ස් වාර්තා අතරට එක්වුණේ 202-0 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක කඩුලු ත්‍රිත්වයක් දවාගත් 7 වැනි පන්දු යවන්නා මෙන්ම දෙවන ඔස්ට්‍රේලියානු පන්දු යවන්නා ලෙසයි.
ලකුණු 141ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ඉනිමේ 12වන පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුණු අතර ඒ වනවිට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාව පන්දුවාර 11යි පන්දු 2කදී රැස්කරගෙන සිටිය යුතුවු ලකුණු සංඛයාව 72ක්.
ඔස්ට්‍රේලියාව ඒවනවිට කඩුලු දෙකක් පමණක් දැවි ලකුණු 100ක් රැස්කරගෙන සිටි අතර ඒ අනුව ඔස්ට්‍රේලියාවට ලකුණු 28ක ජයක් හිමිවුණා.
