ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබාදෙන මුදල් ත්‍යාගය පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ජයග්‍රාහී කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 2.45ක මුදලක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
එසේම අනුශූරයින් සඳහා ලබාදීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.28ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
මේ අතර අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් 787,500ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙවර සමස්ත තරගාවලියේ කණ්ඩායම් සඳහා වෙන්කර ඇති ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 11.25ක් බවද ICCය පැවසුවේ.
එය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් සඳහා මේ දක්වා වෙන්කර ඇති වැඩිම ත්‍යාග මුදල වන්නේ මෙයයි.
