එංගලන්ත ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක බෙන් යංග්ස් ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.මෙවර රග්බි ලෝක කුසලානයේ තුන්වන ස්ථානය සඳහා ආර්ජන්ටිනාව සමග පැවැත්වෙන තරගයෙන් පසු බෙන් යංග්ස් ජාත්‍යන්තර රග්බි පිටියෙන් සමුගැනීමට නියමිතයි.
එංගලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර රග්බි තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකළ ක්‍රීඩකයා වන්නේ බෙන් යංග්ස්.ඔහු එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 127කට ක්‍රීඩාකර තිබෙනවා.
2010 වසරේ ජාත්‍යන්තර රග්බි වරම් හිමිකරගත් යංග්ස් වසර 13ක් පුරා එංගලන්ත කණ්ඩායම නියෝජනය කළා.ඒ අනුව එළඹෙන සෙනසුරාදා ආර්ජන්ටිනාවට එරෙහිව පැවැත්වෙන තරගය බෙන් යංග්ස්ගේ අවසන් ජාත්‍යන්තර රග්බි තරගය වනු ඇති.
මේ අතර එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන තවත් පරිණත ක්‍රීඩකයෙක්වන කර්ට්ලි ලෝව්ස්ද මෙවර රග්බි ලෝක කුසලානයෙන් පසු ජාත්‍යන්තර පිටියනේ සමුගන්නා බව නිවේදනය කළා.

