මම මතීෂට ඉක්මන් සුවය පතනවා -ඇන්ජලෝ මැතිව්ස්

එංගලන්තය සමග පැවැත්වෙන තරගයට පෙර ඊයේ පැවැති මාධ්‍ය හමුවට ඇන්ජලෝ මැතිව්ස් එක් වූ අතර ඔහු එම තරගයට ඇති ශ්‍රී ලංකා පිලේ සූදානම සහ තමන් ලැබුුණු මෙම අවස්ථාව ගැන අදහස් පළ කළා.

කුසල් මෙන්ඩිස්, වසර අටකට පෙර ඔබේ නායකත්වය යටතේ ඔහුගේ මංගල තරගය ක්‍රීඩා කළා දැන් ඔබ ඔහු යටතේ ක්‍රීඩා කරනවා. ඔහු මේ වසර අට තුළ කොපමණ දුරක් ඇවිල්ලා තියෙනවා ද?

ඔහු පසුගිය වසර පහ හය තුළ බොහෝ පරිණත වී ඇත. දැන් ඔහු ඉදිරියෙන් පෙරමුණ ගෙන ෆියර්ලස් ක්‍රිකට් එකක් ක්‍රීඩා කරමින් ඔහුගේ පරිණතභාවය පෙන්වනවා. මම විවිධ නායකයින් යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. ඔවුනුත් මා යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. ඒක චක්‍රයක්. අපි හැමෝම ඒ චක්‍රය ඇතුලට යනවා, ඊට පස්සේ අපි එනවා, අපි එළියට යනවා, ඊළඟ පරම්පරාව එනවා, කුසල් යටතේ ක්‍රීඩා කිරීම මට සතුටුයි.

ඔබ දැන් කණ්ඩායමට පැමිණෙන්නේ ආබාධයකට ආදේශකයක් ලෙස, නමුත් ඔබ අත්දැකීම් සම්භාරයක් සමඟ එන්නේ. මේ ඔබේ සිව්වන ලෝක කුසලානය. ඉතින්,ඔබේ මානසිකත්වය කොහොමද ?

ක්‍රිකට් මට බොහෝ දේ උගන්වා තියෙනවා. මා වටා සිදුවන දේ කෙරෙහි ඕනෑවට වඩා බලපෑම් කරනවාට වඩා මා කළ යුතු දේ කෙරෙහි අවධානය යොමු කිරීම මට ඉතා පහසුයි. මා කලින් සිටි පුද්ගලයාට වඩා ටිකක් පරිණතයි. ඒ නිසා මම පාලනය කිරීමට උත්සාහ කරන්නේ පාලනය කළ හැකි ඒවා විතරයි. අපි හැඟීම් තියෙන මිනිසුන්. එම හැඟීම්වලට ප්‍රතිචාර දැක්වීම ඔබට හානියක් වෙන්න පුලුවන්. එබැවින් මම සන්සුන්ව සිටීමට උත්සාහ කරනව්ද. මා කළ යුතු දේ කෙරෙහි අවධානය යොමු කරනවා. පැහැදිලිවම සෑම විටම නිවැරදි දේ කරන්න උත්සාහ කරන්න.

මෙය ඔබගේ අවසන් ලෝක කුසලාන තරඟාවලිය බව ඔබ ප්‍රකාශ කර ඇති අතර, ඔබේ රසිකයින්ට ඔබ ලබා දීමට කැමති පණිවිඩය කුමක්ද සහ මෙම සුවිශේෂී අවස්ථාව ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

නිසැකවම, මා කලින් සඳහන් කළ පරිදි, මතීෂට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ආබාධයකට ලක්ව ලෝක කුසලාන තරගාවලියකින් ඉවත්වීමට සිදුවීම ඕනෑම ක්‍රීඩකයකුට සැබවින්ම කලකිරීමක්. ඉදිරි වසර දහය දොළහ තුළ ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවයක් කරනු ඇතැයි මම විශ්වාස කරනවා. ඒ නිසා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.මෙය මගේ හතරවැනි එක්දින ලෝක කුසලාන තරගාවලිය. අවසන් පූර්ව වටයට පැමිණීමේ මූලික අරමුණ ඇතිව අපගේ හොඳම දස්කම් දැක්වීමට අප කණ්ඩායම සහ මම කැපවෙලා ඉන්නවා. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට මම සම්පූර්ණයෙන්ම සූදානම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *