20-20 ලෝක කුසලානයට ත්‍රස්ත තර්ජන

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පුහුණු තරගය අයර්ලන්තයට එරෙහිව හෙට ෆ්ලොරීඩා හිදි පැවැත්වෙනවා.

මේ අතර 20-20ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන නිව්යෝර්ක් නුවර නසාව් ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8ක් නියෝර්ක් නුවර නසාව් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජුනි 9 වැනිදා එම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඉන්දු – පාකිස්තාන තරගයට ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් පැවතීම හේතුවෙන් එම ක්‍රීඩාංගණයේ ආරක්ෂාව දැඩි කිරීමටයි එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත්තේ.

ත්‍රස්ත ප්‍රහාරයේ අවදානමක් ඇති බවට තහවුරු කිරීම මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබි නැතැයි වාර්තා වන අතර නිව්යෝර්ක් නුවර ආණ්ඩුකාරවරිය එක්ස් සටහනක් තබමින් පැවසුවේ මේ අවස්ථාව වන විට විශ්වාස කළ හැකි තර්ජනයක් නොමැති නමුත් ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස තමන් නිව්යෝර්ක් ප්‍රාන්ත පොලීසියට උපදෙස් දුන් බවයි.

ශ්‍රී ලංකා පිල මෙවර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගි වන පළමු තරගය ජුනි 3 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්විමට නියමිතව ඇත්තේද නිව්යෝර්ක් නුවර නසාව් ක්‍රීඩාංගණයේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *