මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල තන්ඩර්ස් කන්ඩායමේ හිමිකාරිත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තරග සංවිධාකයින් පියවර ගෙන තිබෙනවා.
ඒ එම කණ්ඩයමේ හිමිකරු වන තමීම් රහමන් තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමගයි.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය ඉකුත්දා පැවති අතර එහිදී දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු ලෙස තමීම් රහමන් නමැත්තාද ඊට සහභාගි වුණා.
උපතින් බංග්ලාදේශ ජාතිකයකු වන ඔහු බ්‍රිතාන්‍ය පුරවැසියකු වනවා.
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකාර තමීම් රහමන් මෙරට සිට නැවත ඩුබායි බලා පිටත්ව යන අවස්ථාවේදී අද කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් රඳවා ගනු ලැබුවා.
ඒ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඔහුට එරෙහිව සිදුකරන විමර්ශනයක් මත අධිකරණයෙන් ලබාගෙන තිබූ විදෙස් ගමන් තහනමක් අනුවයි.
ප්‍රශ්න කිරීමෙන් පසු තමීම් රහමන්ව අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ ඉදිරිපත් ඉදිරිපත් කෙරුණා.
එහිදි අතිරේක මහේසත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ඇප සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාවක් නොමැති අතර සැකකරු මැයි 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවයි.
මේ අතර උද්ගත වූ තත්වයත් සමග මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන දඹුල්ල තන්ඩර්ස් කන්ඩායමේ හිමිකාරිත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තරග සංවිධාකයින් ඊයේ පියවර ගත්තා.
නිවේදනයක් නිකුත් කරමින් එල් පී එල් තරගාවලි සංවිධායක කමිටුවේ සභාපති අනිල් මොහාන් මහතා පැවසුවේ LPL තරගාවලියේ විනිවිදභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.
දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු සහ විධායක නිලධාරී තමීම් රහමාන් මුහුණදී ඇති නීතිමය කරුණු සලකාබලා ඉහත තීරණය ගත් බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.
ඒ අනුව එම කණ්ඩායම සමග එළැඹි ගිවිසුමද අවලංගු කිරීමටයි තරග සංවිධායකයින් පියවර ගෙන ඇ්පියවර ගෙන ඇත්තේ.
