කෝටි 76ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් රොෂාන්ට එරෙහිව නඩු පවරයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගෙන් රුපියල් 769,832,400ක වන්දි මුදලක් ඉල්ලා සභාපති ෂම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්තිනාමයට හානි සිදු කළ බවට හා අදාළ නඩුගාස්තුද අයකර දෙන ලෙස ඉල්ලමින්.

නඩු අංක 8615\2024 M යටතේ මෙම නඩුව පවරා ඇති අතර විත්තිකරු වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුවෙන් වන්දි මුදලට අමතරව ඉල්ලා ඇති සහන මෙසේයි

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වයට බාධා නොකරන ලෙස සහ එහි කාර්යයන්ට දේශපාලන බලපෑම් සිදු නොකරන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කර තිබියදී සහ එහි සියලු දැනුවත් කිරීම් නොතකමින් විත්තිකරු විසින් නීති විරෝධී ලෙස සහ නීත්‍යානු නොවන ආකාරයට සහ ද්වේශසහගත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීමට සහ අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කර ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

  • අමෙරිකානු ඩොලර් විසිහතර ලක්ෂ හැටදහසක මුදලල් ($ 2,460,000) හෝ එකී මුදලට සමාන ශ්‍රී ලංකා මුදල් එකක මගින් පැමිණිල්ලේ සදහන් දින සිට නඩු තීන්දුවේ දිනය දක්වා එකී මුදල මත නෛතික පොලියද ඉන් අනතුරුව තීන්දු ප්‍රකාශයේ සදහන් සම්පූර්ණ මුදල් ගෙවා නිම වන තෙක් එකී තීන්දු ප්‍රකාශයේ සදහන් සම්පූුර්ණ මුදල මත නෛතික පොලියද විත්තිකරුගෙන් අයකර ගැනීම සදහා නඩු තීන්දුවක් හා තීන්දු ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

  • මෙම නඩුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම සාමාජිකයන් වෙනුවෙන් පැවරීමට සහ පවත්වාගෙන යාමට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 16 වැනි වගන්තියේ යටතේ අවසන ලබාදෙන ලෙසත් ඉල්ලා තිබෙනවා.

  • නඩු ගාස්තු සහ ගරු අධිකරණයට මැනව යැයි හැගෙන වෙනත් සහනද වෙතොත් ඒවාද ලබාදෙන ලෙසත් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉල්ලා තිබෙනවා.

අදාළ නඩුව ජුනි 14 වැනිදා පෙරවරුවේ කඩුවෙල දිසා අධිකරණයේ යළි කැදවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *