අද උදෑසන ශ්‍රී ලංකා පිල දිවයිනෙන් පිටත්ව ගියා.
කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස්ට සහ අසිත ප්‍රනාන්දුට අමෙරිකානු වීසා ගැටලුවක් හේතුවෙන් අද දිනයේ කණ්ඩායමත් සමග පිටත්ව යාමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනා කඩිනමින් පිටත්කර යැවීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි සඳහන් කළා.
20යි 20 ලෝක කුසලාන තරගාවලිය ජුනි 01 වැනිදා ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය දකුණු අප්‍රිකාව සමඟ ජුනි 3 වැනිදා පැවැත්වීමට නියමිතයි.
