ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානවලට පත්වල ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මූල්‍ය ත්‍යාග ලබාදිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඔවුන්ට ගෙවන තරග ගාස්තුද ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ටෙස්ට්, එක්දින, සහ 20-20 තරග ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ් අනුව ටෙස්ට් තරග ගාස්තුව 100%කින්, ඒක්දින සහ 20-20 තරග ගාස්තු 25%කින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.
ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කිරීම, ජය පරාජයෙන් තොරව අවසන්වීම හෝ පරාජය වීම මත ද ගෙවීම් ක්‍රමවේද වෙනස්වනු ඇති.
ඒමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානවලට පත්වල ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මූල්‍ය ත්‍යාග ලබාදිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ් අනුව පිතිකරණ, පන්දුයැවීම් සහ තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල හොඳම දසදෙනා අතරට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම මූල්‍ය ත්‍යාග හිමිවනු ඇති.
ශ්‍රේණිගත කිරීම්වල ඉහළ පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඒක් වරක් පමණක් මෙම මූල්‍ය ත්‍යාගය ලබාදීමට නියමිතයි.
වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයින් 41 දෙනෙකු ඇතුළත් අතර ඔවුන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව හිමිවන්නේ කාණ්ඩ 6ක් යටතේයි.
ඒ් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඒම වාර්ෂික කොන්ත්‍රාත්තුවට ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.


