චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා පිල ශූරතාව දිනයි

2024 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා පිල මීට සුළු මොහොතකට පෙර සමත්වුණා.

ඒ ස්කොට්ලන්තය ලකුණු 68කින් පරාජය කරමින්.

අවසන් තරගයේදී තරග වැදුණු ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය මෙවර බංග්ලාදේශයේ පැවැත්වෙන කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා අවසන්.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය ශ්‍රී ලංකාව ශූරියන් ලෙස නිමා කළේ අපරාජිතවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *