එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් එළැඹෙන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.
මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාවේ සහ බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
පන්දුයැවීම සඳහා සුදුසු පරිදි සිය ශාරිරික යෝග්‍යතාවය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කර ගැනීමේ අරමුණින් බෙන් ස්ටොක්ස් 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ආරම්භ වන එංගලන්ත ගිම්හාන තරගවාරයේදී එංගලන්ත කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමරට එරෙහිව හා ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
එම තරගාවලි සඳහා පමණක් නොව සිය ක්‍රිකට් අනාගතයේ සියලු තරග සඳහා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස පන්දු යැවීමෙන් කණ්ඩායමට දායකත්වය ලබාදිමට අවශ්‍ය යෝග්‍යතාවය ළඟාකර ගැනීම සඳහා සූදානම් වීමේ අරමුණින් බෙන් ස්ටෝක්ස් මෙලෙස ලෝක කුසලායෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
32 හැවිරිදි බෙන් ස්ටෝක්ස් මීට පෙර දණහිසක ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර මේ දිනවල පැවැත්වෙන ඉන්දීයන් ප්‍රිමියර් ලිග් තරගාවලියෙන්ද ඔහු ඉවත් වුණා.
මේ වන විට 20-20 තරග 43කට ක්‍රීඩාකර ඇති බෙන් ස්ටෝක්ස් ලකුණු 523ක් සහ කඩුලු 26ක් දවාගෙන තිබෙනවා.
