එක්දින සහ 20-20 තුන්කොන් තරගාවලියකට සහභාගි වීම සඳහා එංගලන්ත සහ ඔස්ට්‍රේයා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් මාර්තු මස අගදී දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා.
මෙම තරගාවලිය හම්බන්තොට සහ ගාල්ලේදී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කාන්තා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරග අත්දැකීම් වැඩි වශයෙන් ලබාදීමේ අරමුණින් තුන්කොන් එක්දින සහ 20-20 තරගාවලි දෙකක් සංවිධාන කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා සහ එංගලන්ත කාන්තා යොවුන් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් එක්දින සහ 20-20 තුන්කොන් තරගාවලියක් සංවිධාන කර ඇති අතර ඊට එක්වන එංගලන්ත සහ ඔස්ට්‍රේලියා යොවුන් කාන්තා කණ්ඩායම් මාර්තු මස අගදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
තුන්කොන් තරගාවලියට 20-20 තරග 6ක් ඇතුළත් අතර එම සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනය නිවේදනය කළේ.
පළමු 20-20 තරගය මාර්තු මස 28 වනදා ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා යොවුන් කණ්ඩායම් අතර පැවැත්වෙනවා.
තුන්කොන් එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකා – සහ ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම් අතර අප්‍රේල් මස 5 වැනිදා පැවැත්වීමට නියමිතයි.
