ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කළ නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායමට හැකිවුණා.
ඒ අවසන් මහ තරගයේදී මහනුවර කණ්ඩායම ලකුණු 19කින් පරාජය කරමින්.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 332ක් ලබා ගත්තා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පවන් රත්නායක නොදැවී ලකුණු 118යි.
මීට අමතරව සනෝජ් දර්ශික ලකුණු 73ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මහනුවර කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 313ක් පමණයි.
එහිදි කමිල් මිශාර ලකුණු 94ක් සහ ලහිරු උදාර ලකුණු 86ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත සහ අයන සිරිවර්ධන අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.
අවසන් තරගයේ වීරයා ලෙස පවන් රත්නායක සම්මාන දිනා ගත්තා.






