20-20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට – නුවන්ගෙන් කඩුලු ත්‍රිත්වයක්

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති 3 වැනි 20-20 තරගය ලකුණු 28 කින් ජයගත් ශ්‍රී ලංකා පිල තරගාවලිය 2ට 1ක් ලෙස අද ජය හිමිකර ගත්තා.

මෙම තරගයේදී නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙණුනා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස්කළා.

සිය 20-20 ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් සමගින්.

නායක වනිඳු හසරංග ලකුණු 15ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 19යි.

ලකුණු 175ක ඉලක්යක් හඹාගිය බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 4 ලකුණු 15ක් තුළ දවා ගැනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

නුවන් තුෂාර අද තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර ඔහු වාර්තා අතරට එක්වූයේ 20-20 තරගයකදී කඩුල ත්‍රිත්වයක් දවා ගත් පස්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසයි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 146ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ නුවන් තුෂාර ලකුණු 20කට කුඩුලු 5ක් දවා ගත්තා.

ඒ අනුව මෙම තරගය ලකුණු 28කින් ජය ගත් ශ්‍රි ලංකා පිල තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 2ට 1ක් ලෙස ජය ගැනීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *