කොළඹ ආනන්ද – නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 94වන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.
පළමු දිනයේදීම නාලන්දා විද්‍යාලයේ නායක සජිත විතානගේ නොදැවී ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුනා.
94 වැනි සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ ආරම්භ වූයේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග සහ විද්‍යාලය දෙකෙහි විදුහල්පතිවරු සහ ආදි සිසුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කෙටි උත්සවයකින් අනතුරුවයි.
මෙවර තරගයේදී ඉරුත් ගිම්ෂාන්ගේ කොළඹ ආනන්ද විද්‍යාලයට නායකත්වය ලබාදෙන අතර නාලන්දා විද්‍යාලයට නායකත්වය ලබා දෙන්නේ සජිත විතානගේයි.
තරගයේ කාසියේ වාසිය කොළඹ ආනන්ද විද්‍යාලය දිනා ගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට කොළඹ නාලන්ද විද්‍යාලයට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි කොළඹ නාලන්දා විද්‍යාලය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 277ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.
සදෙව් සමරසිංහ ලකුණු 84ක් රැස් කළ අතර නායක සජිත විතානගේ නොදැවී ශතකයක් වාර්තා කළා.
දිනය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ආනන්ද විද්‍යාලය කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 55ක්.
