පළමු වරට සංවිධාන කරන ලංකා T10 ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
තරගාවලිය පැවැත්වෙන්නේ කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන්.
පළමු වරට සංවිධාන කරන ලංකා T10 ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.
තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
T10 ග්ලෝබල් ස්පෝර්ට්ස් සහ IPG සමාගම සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය සංවිධාන කරනවා.
මීට පෙර මෙම තරගාවලිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට ප්‍රධාන නගර කිහිපයක නම් සහිත කණ්ඩායම් 6ක් සමගින් පැවැත්විමට සැලසුම් කර තිබුණා.
ඉකුත් වසරේ අවසානයේ මතු වූ ක්‍රිකට් අර්බුදය හේතුවෙන් සැලසුම් කළ පරිදි ලංකා T10 තරගාවලිය පැවැත්වීමට හැකියාව ලැබුණේ නැහැ.
කෙසේ වෙතත් මෙම වසරේදී T10 තරගාවලිය ආකර්ෂනීය අයුරින් සංවිධාන කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
