වනිඳුට තරග දෙකක තහනමක්

ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද පියවර ගත්තා.

ඒ ඇෆ්ගනිස්තානය සමග පැවති 3 වැනි 20-20 තරගයේදී විනිසුරු තීරණයකට විරෝධය පළ කිරීමේ සිද්ධිය හේතුවෙන්.

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ ඇෆ්ගනිස්තාන පිල සමග පැවැති 3 වැනි සහ අවසන් 20-20 තරගයේ අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුව කමිඳු මෙන්ඩිස්ගේ ඉනට ඉහළින් ඇඳී ආ නමුත් එම පන්දුව නිපන්දුවක් ලෙස විනසුරු ලින්ඩන් හැනිබල් සංඥා නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයට එම තීරණය දැඩි බලපෑමක් එල්ල කළා.

අවසන් පන්දුවාරයේදී විනිසුරු නිපන්දුව සංඥා නොකිරීම සම්බන්ධයෙන් තරගයෙන් පසු විනිසුරු සහ නායක වනිඳු හසරංග අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණේ මේ ආකාරයෙන්

නැට්

තරගයෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදිද වනිඳු හසරංග විනිසුරුගේ තීරණය දැඩි ලෙස විවේචනය කළා.

වනිඳුගේ මෙම ක්‍රියාකළාපය විනසුරු ලින්ඩන් හැනිබල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලනයට දැන් වූ අතර සිය තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහයේ 2.13 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි එම කවුන්සිලය අද නිවේදනය කළේ.

එම වරද හේතුවෙන් ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු 3ක් පැනවීමට පියවර ගත් අතර මීට පෙරද වනිඳුගේ විනය වාර්තාවට දඩුවම් දෙකක් ඇතුළත්ව තිබුණා.

ඒ අනුව වනිඳුට තරග 2ක තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගත් අතර තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් නියම කිරීමටයි තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව වනිඳු හසරංගට එළැඹෙන බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කරන 20-20 තරගාවලියේ පළමු තරග 2ක අහිමිවනු ඇති.

වනිඳු හසරංග සිය වරද හා ලබාදුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදුවන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *