IPL 2024 තරග කාලසටහන ප්‍රකාශයට

2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන සංවිධායකයන් ඊයේ නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය පැවැත්වෙන්නේ මාර්තු 24 චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරයි.

2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු සති දෙක සඳහා තරග කාල සටහන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

ඉන්දීය මහා මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරිමෙන් පසු අයි පී එල් තරගාවලියේ සංවිධායකයන් විසින් ඉතිරි තරග කාලසටහන නිවේදන කිරීමට නියමිතයි.

තරගාවලිය මාර්තු 24 වැනිදා ආරම්භ වන්නේ පස්වතාවක් අයි පී එල් ශූරතාව දිනු චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතරයි.

තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් පැවැත්වෙන පළමු තරගය පස්වරු 8ට ආරම්භ වන අතර අනෙක් තරග සුපුරුදු පරිදි රාත්‍රී 7.30ට සහ පස්වරු 3.3ට පැවැත්වීමට නියමිත බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

මෙම සති දෙක කාලය පුරාවට තරග 21ක් නගර 10කදී ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහිදි එක් කණ්ඩායමක් අවම වශයෙන් තරග 3ක් හෝ උපරිම තරග 5ක් ක්‍රීඩා කිරීමට නියමිත ආකාරයට කාලසටහන සකස් වී තිබෙනවා.

මෙවර අයි පී එල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 6 දෙනෙක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුෂංක, නුවන් තුෂාර , වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *