එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

ලොව හොඳම පිතිකරු බවට පත්වීම තමාගේ අරමුණ බව ශ්‍රී ලංකික ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

ඊයේ පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් පසුව මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලු 7කින් ජයගත් ශ්‍රී ලංකාව පූර්ණ එක්දින තරගාවලි ජයක්ද හිමිකරගත්තා.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ඉනිම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 266කට සීමා කිරීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

රහමත් ෂා ලකුණු 65ක් සහ අස්මතුල්ලා ඕමර්සායි ලකුණු 54ක් රැස්කළා.

වසර දෙකහාමාරකට පමණ පසු එක්දින තරගයකට ක්‍රීඩා කළ අකිල ධනංජය ලකුණු 54ට කඩුලු දෙකක් දවාගත් අතර ප්‍රමොද් මදුශාන් කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 267 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවි ජයග්‍රාහි ඉලක්කය පසුකර ගියා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ලට ලකුණු 173ක සබදතාවයක් ගොඩ නැගුවා.

එම සබදතාව බිඳ වැටුනේ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 91කට අවාසනාවන්ත ලෙස දැවී යාමත් සමඟයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් 5වැනි එක්දින ශතකය සමඟින් ලකුණු 118ක් රැස්කළා.

නිස්සංක මෙම එක්දින තරගාවලියේ වාර්තා කළ දෙවැනි ශතකය මෙයයි.

ඒ සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම ගණනකින් එක්දින ලකුණු 2000 කඩයිමට ලඟා වූ පිතිකරු ලෙස පැතුම් වාර්තා අතරට එක්වුණා.

පැතුම් බිඳ හෙලුවේ වත්මන් තේරීම් කමිටු සභාපති උපුල් තරංග එවක තබා තිබූ වාර්තාවයි.

එමෙන්ම තරගාවලියේදී ලකුණු 346ක් රැස්කරගනිමින් තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක ශ්‍රි ලාංකික පිතිකරුවකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය සිය නම ඉදිරියේ සටහන් කරගැනීමටද පැතුම් සමත් වුණා.

මීට පෙර එක්දින තරග තුනකදී ලකුණු 267ක් රැස්කරමින් එම වාර්තාවට හිමිකම්කීවේ රොෂාන් මහානාමයි.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා වූයේද පැතුම් නිස්සංකයි.

මේ අතර තරගය නිමාවීමෙන් පසු ප්‍රේක්ෂකයන් දෙදෙනෙක් ක්‍රීඩාංගණය තුළට කඩාවැදුණු අතර පොලිසිය මැදිහත් වීමෙන් ඔවුන් දෙදෙනා ක්‍රීඩාංගණයෙන් ඉවත් කෙළ් මේ ආකාරයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *