මෙවර LEGENDS ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් තරග වදින මෙවර ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය මාර්තු මාසයේදී පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර කර ඇත්තේ.

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් කුසලානය සහ කණ්ඩායම් ජර්සි එළිදැක්වීම හෙට කොළඹදී සිදු කිරීමට නියමිත අතර ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් සුපිරි ක්‍රීඩකයින් රැසක් එක්වීමට නියමිතයි.

කණ්ඩායම් 7ක් සහභාගී වන මෙවර තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රිකට් ක්‍රීඩකයින් 90කට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිතව තිබෙනවා.

ගියවර ලෙජන්ඩ්ස් ලීග් තරගාවලිය ඉන්දියාවේදී පැවති අතර එහිදි ශූරතාව දිනා ගත්තේ හර්බජාන් සිං නායකත්වය දැරූ මනිපාල් ටයිගර්ස් කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *