සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා.
තරගය හෙට පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරග 2කම ශ්‍රී ලංකා පිල ජය ගැනීමට සමත්වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා පිල හෙට තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්.
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය 2කට බින්දුවක් ලෙස මේ වන විටත ජය ගෙන අවසන් ඇති බැවින් හෙට තරගයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින් දෙදෙනකු විවේක ගන්වනු ඇති බවයි වාර්තා වන්නේ.
හෙට තරගයට එක්වන ශ්‍රී ලංකා පිල සහ ඇෆ්ගනිස්තාන පිල ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසියට එක් වුණා.
පැවැති තරග දෙකේදී ලකුණු 228ක් රැස් කළ පැතුම් නිස්සංක මෙවර තරගාවලියේ වැඩිම ලකුණලාභියා බවට පත්ව සිටින අතර වැඩිම කඩුලුලාභියා ලෙස පෙරමුණ ගෙන සිටින්නේ තරග තරග දෙකේදී කඩුලු 5ක් දවා ගත් ප්‍රමෝද් මදුෂාන්.
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.



