ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ උත්තර් ප්‍රදේශ් වොරියර් කණ්ඩායමට ආදේශක ක්‍රීඩිකාවක් ලෙස චමරි අතපත්තු කැඳවා තිබෙනවා.
ඒ එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවටයි.
ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය ඉකුත්දා පැවති අතර එහිදී කිසිදු කණ්ඩායමක් චමරි අතපත්තු මිලදී ගැනීමට කටයුතු කළේ නැහැ.
කෙසේ වෙතත් එංගලන්ත ක්‍රීඩිකා ලෝරන් බෙල් වෙනුවට චමරි අතපත්තු උත්තර ප්‍රදේශ් වොරියර්ස් කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චමරිව වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස ඊයේ නම් කළ අතර ඇය වසරේ එක්දින සහ සහ 20-20 කණ්ඩායම් දෙකේ නායිකාව ලෙසද නම් කළා.
චමරි අතපත්තු වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස නම් කර පැය 24ක් ගත වීමටත් මත්තෙන් ඇය මෙවර ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් සඳහා කැඳවා තිබීම විශේෂත්වයක්.
චමරි අතපත්තු මෙවර බිග්බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලියේදී සිඩ්නි තන්ඩර් නියෝජනය කළ අතර ඇය එහිදීද කැඳවා තිබුණේ අදේශකයක් වශයෙන්.
එහිදී සිය කැඳවීමට අනගි සාධාරණයක් කළ චමරි මෙවර බිග්බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලිය නිමා කළේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වෙමින්.
