ROYAL සහ D.S. සම ශූරයින් වෙයි

අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ ඒ කාණ්ඩයේ සම ශූරතාව හිමිකර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනායක විද්‍යාලය සමත් වුණා.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ වයස අවුරුදු 13න් පහළ ඒ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ඩී.එස්.සේනායක විද්‍යාලය අතර පැවැත්වුණේ වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 113ක් රැස්කළා.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය තරගය නිමාවනවිට සිය පළමු ඉනිමට කඩුලු නවයක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යව 95ක්.

ඒ අනුව තරගය තීරණයකින් තොරව අවසන් වීම හේතුවෙන් රාජකීය විද්‍යාලයට සහ ඩී.එස්.සේනානායක විද්‍යාලයට සම ශූරතාව පිරිනැමුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *