චමරිගෙන් යළත් ඉන්දියාවට කනේ පහරක්

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් නම් කළ කාන්තා ලෝක එක්දින කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අත්පත්තු නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට කිසිදු ඉන්දීය ක්‍රීඩිකාවක් හෝ පාකිස්තාන ක්‍රීඩිකාවක් ඇතුළත් නොවීමද විශේෂත්වයක්.

ගත වූ වසරේදී ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතා පාදක කර ගනිමින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය වසරේ කාන්තා ලෝක එක්දින කණ්ඩායම නම් කර තිබෙනවා.

ගත වූ වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නම් කළ කාන්තා ලෝක එක්දින කණ්ඩායමට නම් කර ඇත්තේ නායිකාව ලෙසයි.

චමරිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිල පළමු වරට නවසීලන්තය එරෙහිව එක්දින තරගාවලි ජයක් සහ එංගලන්තයට එරෙහිව 20-20 තරගාවලි ජයක්ද වාර්තා කළා.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නම් කළ වසරේ කාන්තා ලෝක එක්දින කණ්ඩායමට කිසිදු ඉන්දීය ක්‍රීඩිකාවක් හෝ පාකිස්තාන ක්‍රීඩිකාවක් ඇතුළත් නොවීමද විශේෂත්වයක්.

මේ අතර ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ඉකුත්දා නම් කළ 2023 වසරේ කාන්තා එක්දින සහ 20-20 කණ්ඩායමටද ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඇතුළත් වුණා.

එම ලැයිස්තු දෙකටමද කිසිදු ඉන්දීය ක්‍රිඩිකාවක් ඇතුළත් නොවීම විශේෂත්වයක්.

චමරි අතපත්තු 2023 වර්ෂයේදී කැපී පෙනන දක්ෂතා දක්වමින් ජාත්‍යතර ක්‍රිකට් පිටියේ වැඩි අවධානයක් දිනාගත් අතර මෙවර බිග්බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද ඇය නම් කෙරුණා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදි දක්ෂතා දැක් වූ චමරි අතපත්තුව මෙවර ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් වෙන්දේසියදී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම විමතියට කරුණක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *