ශ්‍රී ලංකා ගැටුමට සිම්බාබ්වේ එක්දින සහ 20-20 සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබවේ එක්දින සහ විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිත දෙකටම ක්‍රීඩකයින් 15 දෙනා බැගින් ඇතුළත්.
එක්දින සහ 20-20 තරගාවලියකට එක් වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි මස 3 දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගිවීමට නියමිතයි.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය නවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට එක්වන සිම්බාබ්වේ එක්දින සහ 20-20 සංචිත ඊයේ නිවේදනය කළා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයේ නායකයා ලෙස ක්‍රෙයිග් අර්වින් නම් කර ඇති අතර ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් 20-20 සංචිතයේ නායකයා ලෙස නම් කර ඇත්තේ සිකන්දර් රාසායි.

අත්දැකීම් බහුල ක්‍රීඩක ශෝන් විලියම්ස්ට ශ්‍රී ලංකා තරග සංචාරයට නම් කර නොමැති අතර ඔහු ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා තරග සංචාරයෙන් ඉවත්කර තිබෙනවා.

මෙතෙක් ජාත්‍යන්තර තරග වරම් දිනා නොමැති දඟපන්දු යවන ක්‍රීඩක ටපිවා මුෆුඩ්සා එක්දින සංචිතයට ඇතුළත්.

20-20 ජාත්‍යන්තර වරම් පමණක් දිනා ඇති වේගපන්දු යවන ක්‍රීඩක ෆරාස් අක්රම් මෙවර එක්දින සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *