මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා පත්කර තිබෙනවා.
ඒ වසර ගණනක් මුම්බායි පිලේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා වෙනුවටයි.
ලබන වසරේ පැවැත්වෙන අයි.පී.එල් තරගාවලිය සඳහා හර්දික් පාන්ඩ්‍යාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඍජුව මිලදී ගැනීමට ඉකුත්දා පියවර ගත්තා.
ඒ ඉන්දීය රුපියල් කෝටි 15ක මුදලකටයි.
මීට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ හර්දික් පාන්ඩ්‍යා අයි.පී.එල් තරග වාර දෙකකදී එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා.
ඔහුගේ නායකත්වය යටතේ ගුජරාට් කණ්ඩායම 2022 වසරේදී ශූරයින් බවට පත් වූ අතර මෙම වසරේ පැවති තරගාවලියේදී අනුශූරතාව දිනා ගත්තා.
පාන්ඩ්‍යා 2015, 2017, 2019 සහ 2020 යන වසරවලදී අයි පී එල් ශූරතාව දිනා මුම්බායි ඉන්දියන්ස් පිලේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළා.
පසුගිය වසර කිහිපයේදි පාන්ඩ්‍යා අයි පී එල් පිටියේදී සුපිරි දස්කම් දැක්වීමට සමත්වූ අතර ඒ අනුව ඔහු මුම්බායි පිලේ නායකත්වයට පත් කිරීමට කණ්ඩායම් හිමිකාරීත්වය පියවර ගනෙ තිබෙනවා.
මීට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවස්ථා 5කදී අයි පී එල් කිරුළ දිනා දීමට සමත්වුණා.
